Homeදේශීය පුවත්හොර පාරේ රට පනින්න හැදූ 12 ක් මන්නාරමදී නාවික හමුදා භාරයට

හොර පාරේ රට පනින්න හැදූ 12 ක් මන්නාරමදී නාවික හමුදා භාරයට

 නීති විරෝධිව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 12 දෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔළුතුඩුවායි වෙරළ තීරයේ ඊයේ රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවන් තිදෙනෙකු ඇතුළු 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here