Homeක්‍රීඩා පුවත්19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2024 වසරේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

19න් පහළ ලෝක කුසලානයේ ඉදිරි තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර 2026 වසරේ සම සත්කාරකත්වය සිම්බාබ්වේ සහ නැමීබියා රටවල් වෙත හිමිව ඇති බව සඳහන් විය.

එමෙන්ම 2025 වසරේ 19න් පහළ කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 තරගාවලිය මලයාසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන බවද ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.

එහි 2027 වසරේ සම සත්කාරකත්වය හිමිව ඇත්තේ බංග්ලාදේශයට සහ නේපාලයටය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here