Homeක්‍රීඩා පුවත්2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය චෙන්නායිහිදී අද ඇරඹේ..

2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය චෙන්නායිහිදී අද ඇරඹේ..

2023 දකුණු ආසියා කනිෂ්ඨ ටේබල් ටෙනිස් ශූරතාවලිය, ඉන්දියාවේ චෙන්නායිහී දී අද (14)  ආරම්භ වේ.

ඒ සඳහා ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , නේපාලය , මාලදිවයින , භූතානය සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතයි.

තරගාවලිය වෙනුවෙන්  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 දෙනෙකු සහභාගී වී සිටී.

වයස අවුරුදු 19න් පහළ  සහ 15න් පහළ  බාලක, බාලිකා ලෙස තරග පැවැත්වීමට නියමිතයි.

අද (14) සහ හෙට (15) තරගාවලියේ   කණ්ඩායම් තරග පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලිය මේ මස 17 වනදා දක්වා පැවැත්වේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here