Homeවිචිත්‍ර​ පුවත්95 වැනි ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙ​ස පැවැත්වෙයි

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙ​ස පැවැත්වෙයි

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේදී වසර 62කට පසු රතු පලස භාවිත නොවන අතර ෂැම්පේන් වර්ණයෙන් යුත් පලසක් මෙවර භාවිතා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ Everything Everywhere All at Once චිත්‍රපටයයි.

හොඳම නළුවා සම්මානය The Whale චිත්‍රපටය වෙනුවෙන් Brendan Fraser විසින් දිනාගත්තා.

හොඳම නිලිය සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන් Michelle Yeoh දිනාගත්තා.

Daniel Kwan සහ Daniel Scheinert මෙවර හොඳම අධ්‍යක්ෂනයට හිමි සම්මානය හිමිකරගත් අත​ර ඔවුන් අධ්‍යක්ෂනය කළ Everything Everywhere All at Once චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමට සමත්වුණා.

එමෙන්ම මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොදම චිත්‍රපට ගීතය සඳහා ඉන්දීය චිත්‍රපටයක් වන S.S. Rajamouli විසින් අධ්‍යක්ෂනය ක​ළ “RRR” හි “NAATU NAATU” ගීතය දිනාගත් අතර එහි සංගීත නිර්මාණය M.M. Keeravaani සහ පද රචනය Chandrabose සිදුකර තිබෙනවා.

 

news images news images news images news images news images news images news images news images news images news images news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here