Homeදේශපාලන පුවත්IMF සාකච්ඡා ගැන ජනපති ගේ දැනුම්දීම

IMF සාකච්ඡා ගැන ජනපති ගේ දැනුම්දීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට පෙර අදාළ ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැනට එළඹී ඇත්තේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ යුතු බවත් ඊට පෙර ණයහිමියන් සමග සාකච්ඡා කර එම වාර්තාවද ඊට ඇතුළු කළ යුතු බව ජනාධිපතිවරයා දන්වා තිබේ.

“සියලුම තොරතුරු ලැබුණු පසු කැබිනට් මණ්ඩලය දැනුවත් කරනවා. එසේම විරුද්ධ පක්ෂය සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට එම දැනුවත් කිරීමට සහභාගී විය හැකි බව ජනාධිපතිවරයා මට පැවසුවා”, යනුවෙන් කථානායකවරයා පැවසීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here