Homeක්‍රීඩා පුවත්IPL ශූරතාවය සිව්වන වරටත් චෙන්නායි සුපර් කිංග්ස් දිනා ගනී

IPL ශූරතාවය සිව්වන වරටත් චෙන්නායි සුපර් කිංග්ස් දිනා ගනී

ඉතිහාසයේ සිව්වන වරටත් ශූරතාවය ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

ඒ ඊයේ(15) පැවති 2021 IPL තරගාවලියේ අවසන් මහා තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 කින් ජය ගැනීමත් සමගිනි.

අවසාන මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 192 ලබා ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන්ට කඩුලු 03ක් පමණක් ලබා දෙමිනි.

පිත්තෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අනගි සහයක් ලබා දුන් ෆැප් ඩුප්ලෙසී පන්දු 59 තුළ වේගවත් ලකුණු 86 ලබා ගත්තේ හතරේ පහර 07ක් හා හයේ පහර 03ක් එල්ල කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් අතැතිව පිටියට පැමිණි ඔයින් මෝර්ගන් ප්‍රමුඛ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තම පන්දුවාර 20 තුළ දී කඩුලු 9ක් බිඳ වැටී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165 ක් පමණි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ශුග්මන් ගිල් පන්දු 43 කදී ලකුණු 51 ලබා ගත්තේ හතරේ පහර 06ක් සමගිනි .

ඒ අනුව IPL ඉතිහාසයේ සිව්වන වරටත් කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායම බවට මහේන්ද්‍ර සිංදෝනිගේ නයකත්වය බල ගැන්වූ ‌චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here