Homeක්‍රීඩා පුවත්LPL තරග කාලසටහන ප්‍රසිද්ධ කෙරේ

LPL තරග කාලසටහන ප්‍රසිද්ධ කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන අද(13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තරගාවලිය දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේ තරග 20, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, අවසන් වටයේ තරග හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, පළමු තරගය ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර දෙසැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයෙන් ජයගනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

පරාජිතයින්ට තවත් වරක් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නිර්මාණය කර දීමට ද මෙවර කටයුතු යොදා තිබේ.

ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ 03 වැනි සහ 04 වැනි ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයින් පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ ජරාජිතයින් සමග තරගවැදීමට නියමිතය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here