Homeක්‍රීඩා පුවත්T20 ලෝක කුසලානයේ පළමු ජය ඕමානයට

T20 ලෝක කුසලානයේ පළමු ජය ඕමානයට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ සත්කාරකත්වයෙන් අද ආරම්භ විය.

එහි සුදුසුකම් ලැබීමේ වටයේ පැපුවා නිව්ගිනියා කණ්ඩායමට එරෙහි තරගයෙන් සත්කාරක ඕමානය කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕමානයේ අල් අමීරත් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණේ තූර්වාදන සංදර්ශනයකින් අනතුරුවයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ඉහළ නිලධාරීන්, සත්කාරක ඕමානයේ සම්භාවනීය අමුත්තන්, ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ඊට එක් විය.

තරගාවලියේ පළමු වටය හෙවත් සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ කරමින් සත්කාරක ඕමානයට එරෙහිව තරග කළේ පැපුවා නිව්ගිනි කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනි කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3 ලකුණු 81දී බිඳ වැටුණි.

ඕමාන පිළිතුරු ඉනිම ආරම්භක කළ අකීබ් ඉල්ලියාස් සහ ජටින්දර් සිං අතර පළමු කඩුල්ලේ නොබිදුනු සබඳතාව ලකුණු 131ක්.

ඔවුන් පන්දුවාර 13යි පන්දු 4කදී කිසිවෙක් නොදැවී තරගය ජය ගත්තේය.

මේ අතර 2014 වසරේදී 20යි 20 ලෝක ශූරයින් බවට පත්ව, අවස්ථා දෙකකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද මෙවර තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වටයට සහභාගී වීමට සිදුව තිබේ.

ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නැමීබියාවට එරෙහිව අබුඩාබිහිදී හෙට පැවැත්වීමට නියමිතය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here