Homeවිචිත්‍ර​ පුවත්The Newspaper චිත්‍රපටයට තවත් අන්තර්ජාතික සම්මානයක්

The Newspaper චිත්‍රපටයට තවත් අන්තර්ජාතික සම්මානයක්

‘‘ද නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මාන සමඟ එහි සම නිෂ්පාදක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

17වන කසාන් මුස්ලිම් ජාත්‍යාන්තර සිනමා උළෙලේදී මෙම චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලට හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගනු ලැබුවා.

මෙමෙ චිත්‍රපටය මීට පෙරත් අන්තර් ජාතික සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් වුණා.

සම්මානය රැගෙන ආ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීම සඳහා සිනමා නළු කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන එච්.ඩී.ප්‍රේමසිරි,රවීන්ද්‍ර ගුරුගේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here